මහීෂ් තීක්ෂණ ආච්චි අම්මා ගැන බටහිර ඉන්දීය කොදෙව් වලදී කියපු කතාව
තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වය ලැබීමට සිය ආච්චි අම්මා විශාල වශයෙන් උදව් උපකාරක කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා
කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කරා ගොස් සිටින තීක්ෂණ "Cricinfo" වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡා වකදී ඒ බව පවසා තිබේ.
තීක්ෂණ පවසා ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග්, ඉන්දීය ප්‍රිමියර් ලීග් පමණක් නොව ඩුබායි සහ ඔස්ට්‍රේලියාවේ තමන් ක්‍රීඩා කරන තරග නැරඹීමට ඇය පැමිණි බවයි.
"ඇය ක්‍රිකට්වලට ආදරෙයි. එසේම ක්‍රිකට් ගැන හොඳ දැනීමක් තියෙනවා. මම හරියට ක්‍රීඩා නොකරන විට ඇය අඩුපාඩු කියනවා. ඇය මා පිටුපස සිටීම මට විශාල ශක්තියක්. මම දැන් මේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා ඉන්නේ ඇය නිසා. ඇයට ඒ ගෞරවය හිමිවෙනවා.