සුප්‍රකට රැප් ගායකයකු වේදිකාවෙන් ඇද වැටි මරුට
ඇමෙරිකාවේ සුප්‍රකට රැප් ගායකයකු කනෙක්ටිකට් ප්‍රාන්තයේ පැවති සංදර්ශනයකදී වේදිකාවෙන් ඇද වැටි මිය ගොස් තිබෙනවා.
මෙලෙස ඇද වැටි ඇත්තේ ෆැට්මන් ස්කූප් හෙවත් අයිසෙක්ෆ්රිමන් ඇමෙරිකාවේ සුප්‍රකට රැප් ගායකයකු වන අතර ස්කූප් රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ
මිය යන විට 53 හැවිරිදි වියේ පසු විය.
ස්කූප් සංගීත ලෝකයේ ආදරණීය චරිතයක් වූ අතර ඔහුගේ හඬ සහ විශිෂ්ට පෞරුෂය නොමැකෙන සලකුණක් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඔහුගේ පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ස්කුප්ගේ මරණ තහවුරු කර තිබුනා.
ඔවුන් පැවසුවේ ඔහු ලෝක මට්ටමේ දක්ෂයෙක් පමණක් නොව, ඔහු පියෙක්, සහෝදරයෙක් සහ මිතුරෙක් ලෙස ඔහු අපේ ජිවිතයට නිරන්තර සහයෝගයක් , නොසැලෙන ශක්තියක් සහ ධෛර්යයක් වුන බවයි.
ස්කූප් Be Faithful තුලින් ඇමෙරිකාවේ ප්‍රසිද්ධත්වයට පත් වූ අතර ගීත නිර්මාණ සහ සම්මාන ගණනාවක් දින ගැනීමට හැකි වී තිබෙනවා.
ඔහු ෆැට්මන් ස්කූප් ලෙස රැප් සංගීත කලාවේ ජනප්‍රිය වුවද ඔහුගේ සැබෑ නම වන්නේ අයිසෙක්ෆ්රිමන්ය.