අනුරගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් වෙනප්පුව ප්‍රදේශයේ පැවැත්වූ දේශපාල රැළියකදී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බවයි.