67 මහලෙන් පැන මිය ගිය නව යොවුන්    දෙදෙනා ගැන තවත් තොරතුරු

කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ ය වි තිබෙනවා
පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව විවෘත තීන්දුවක් දෙමින් ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදී ඇති බවයි,පොලීසිය පැවසුවේ
මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් සහ සිසුවියක් වන අතර ඔවුන්ගේ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී සොයා ගැනුණුණා
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මෙම සිසුවා සහ සිසුවිය අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇති බවයි.
menu
menu