ගාල්ල පැරදූ යාපනය කණ්ඩායම LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී

LPL ක්‍රිකට් තරඟාවලියේ ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

ටිම් සයිෆර්ට් පන්දු 63කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ඔහුගේ ඉනිමට 06 පහර 06ක් සහ 04 පහර 12ක් අයත්.

කෙසේවෙතත් සෙසු ක්‍රීඩකයින්ට ලකුණු 29 සීමාව ඉක්මවා යාමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ජයග්‍රාහී ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 191ක් රැස් කරමින් තරඟය ජය ගත්තා

menu
menu