අතුරුගිරියේ වෙඩි තැබීම මාස 03කට පෙර සැලසුම් කර ඇති බවට අනාවරණයක්

ඩුබායිහීදී 2019 වසරේදී පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියට ක්ලබ් වසන්ත ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මාකදුරේ මධූෂ් සතු රුපියල් කෝටි 100ක මුදලක් ද ක්ලබ් වසන්ත භාරයේ තිබූ බවටයි වාර්තා වුණේ.

එම මුදල් තමන්ට ලබාදෙන ලෙසට කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්තට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවටද වාර්තා වනවා.

කෙසේවෙතත් ක්ලබ් වසන්ත විසින් එම මුදල් ලබාදී නැහැ.

ඒ අනුව මීට මාස කිහිපයකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ ද එය ව්‍යාර්ථ වී තිබෙනවා.

එවන් පසුබිමක් තුළ ක්ලබ් වසන්ත අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම මාස 03ක කාලයක සිට සැලසුම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි අතුරුගිරියේ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පළමුව මෝටර් රථයකින් පලාගොස් තිබුණා.

එය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ අතහැර දමා වෑන් රථයකින් පලාගොස් තිබූ බවයි පොලිසීය පැවසුවේ.

බුලත්සිංහල ප්‍රදේශයේ තිබී එලෙස සොයාගෙන ඇත්තේ වෙඩික්කරුවන් පලාගිය වෑන් රථය බවට පොලිසිය සැක කරන බවද වාර්තා වනවා.

මේ අතර අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

menu
menu