බලධාරීන් සහ වර්ජකයින් මත දෙකක   - දුම්රිය මගීන් අදත් මහ මග

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් රාජකාරි සඳහා මෙන්ම දුම්රියෙන් සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගන්නා මගීන් අද උදෑසනත් දැඩි අපහසුතාවකට පත් වුණා.

සාමාන්‍යයෙන් සතියේ දිනකට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර ගණන 320 ක් පමණ වනවා.

ඊයේ පෙරවරුවේ දුම්රිය ගමන් වාර 35ක් ක්‍රියාත්මක වූ අතර පස්වරුවේ ක්‍රියාත්මක වුණේ දුම්රිය ගමන් වාර 30ක් පමණයි.

ඒ අනුව දෛනිකව ධාවනය විය යුතු දුම්රිය ගමන්වාරවලින් සියයට 80ක් පමණ ඊයේ ධාවනය වූයේ නැහැ.

එවන් පසුබිමක වර්ජනය ක්‍රියාත්මක වුවද දුම්රිය ගමන් වාර කිහිපයක් අද උදෑසන ධාවනය කිරීමට පියවර ගන තිබුණද එම දුම්රියන්හි දැකගත හැකි වූයේ අධික මගී තදබදයක්.

දුම්රිය බලධාරීන් පැවසුවේ කාර්යාල ඇතුළු දුම්රිය ගමන් වාර 20ක් පමණ අද උදෑසන ධාවනය කළ බවයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් පීඩාවට පත් වන මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යොදවා තිබෙනුද දැකගත හැකි වුණා.

menu
menu