පොහොට්ටු ජනපති අපේක්‍ෂයා ගැන මේ දැන්  ලැබුණු  ආරංචිය

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා නම් කිරීම මෙම මස අවසානයේදී සිදුකරන බව එම පක්ක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවයි ඔහු පැවසුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා නම් කිරීම ප්‍රමාද වන්නේ මන්දැයි විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.
ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කඩිනමින් නම් කිරීමට සිය පක්‍ෂයට අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ වන, ජනාධිපතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු නම් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පැවසුවා.
ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදී ජය ගැනීමට තමන් ඇතුළු පක්‍ෂය සූදානම් බවද ඔහු කියාසිටියා.
ඒ වෙනුවෙන් බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස සිදුකරගෙන යන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ.
menu
menu