පොහොට්ටුවෙන් ජනපතිට අන්තිම  දැනුම්  දිම කරයි

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බවට පැවසූ මන්ත්‍රීවරුන් විසි පස්දෙනා කඩිනමින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස සිටින තාක් කල් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුව සමග එක් නොවන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව ප්‍රකාශ කර ඇති බවට වාර්තා පළ වුණා.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කර ගැනීමට පොහොට්ටුව බාධාවක් නම් පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වීමටද සූදානම් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ.
menu
menu