පාතාලයෙන් මරණ තර්ජන එල්ලවු බුස්ස බන්ධනාගාර ලොක්කාට හිටි හැටියේ වුණ දෙ

පාතාලයෙන් පසුගියදා මරණ තර්ජන එල්ල වු බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර කිහිපයක ඉහළ නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා.
සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරීන් ස්ථාන මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව බුස්ස බන්ධනාගාරයේ අධිකාරි ලෙස රාජකාරි කළ සහකාර බන්ධනාගාර අධිකාරි වජිර අබේදීර ස්ථාන මාරු කර ඇත්තේ මහර බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා ලෙසයි.
බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරි උදය කුමාර බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
menu
menu