තරගාවලි පරාජයකින් බේරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද තරග බිමේ
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී එම තරගය අද රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ පන්දුවාර විස්සයි විස්ස පූර්ණ තරගාවලි පරාජයක අවමානයෙන් ගැලවීමේ අරමුණින් යුතුවයි.
මෙම තරගාවලියේ පළමු තරග දෙකම සංචාරක ඉන්දීය කණ්ඩායම ජයගත්තා.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ඉන්දීය කණ්ඩායම ජයගනු ලැබුවේ ලකුණු 43කින්.
දෙවන තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 07කින්.