පොලිස්පති අවුල ගැන පැෆ්රල් සංවිධානය ජනපතිට ලියයි

පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව නිරාකරණය කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය වන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති අතුරු තහනම් නියෝගය අනුව වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකරන තත්ත්වයක් තුළ නැවත වරක් ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවක් ගොඩනැගී ඇති බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

menu
menu