දඹදිව යන සැදැහැවතුන්ගේ පාස්පෝට් ගැටලුවට විසඳුම්

දඹදිව වන්දනාකරුවන්ට බාධාවකින් තොරව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ නියෝජිතයන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව ලබන 09 වනදා සිට දඹදිව වන්දනාවේ නිරත වන පිරිසට හදිසි සහතික නිකුත් කිරීමටත් දැනට සිරවී ඇති ගුවන් ගමන් බලපත්‍ර දින 10ක් තුළ ලබා දීමටත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලධාරීන් එකඟ වී තිබෙනවා.

menu
menu