නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ සහාය රනිල්ට - කඳුකර ජනතා පෙරමුණේ සහාය සජිත්ට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හඟුරන්කෙත ආසන බල මණ්ඩල රැස්වීමේදී එකඟ වී තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ආසන බල මණ්ඩලය රැස්වී තිබෙන අතර එම අවස්ථාවේදී පොදුජන පෙරමුණේ සියලු සාමාජිකයන් වර්තමාන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එකඟ වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසුවේ.