විවාහ වයස් සීමාව වෙනස් කිරීමට පියවර 

ගැහැණු ළමයින් සඳහා නීත්‍යානුකූලව විවාහ වීමේ වයස අවුරුදු 9 දක්වා අඩු කිරීමට ඉරාක පාර්ලිමේන්තුව ඉදිරිපත් වී තිබෙනවා.

ඉරාකයේ කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව අවුරුදු 9ක දක්වා අඩු කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් එරට අධිකරණ අමාත්‍යවරයා විසින් මෙලෙස ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

තවද පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමට ද අදාළ යෝජනාවට ඇතුලත්ව තිබෙනවා.

කෙසේවෙතත් යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේව්න විට පාර්ශව රැසක අප්‍රසාදය පළ වී තිබෙනවා.

හියුමන් රයිට්ස් වොච් (HRW) පර්යේෂක සාරා සන්බාර් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ "මෙම නීතිය සම්මත කිරීමෙන් පෙන්නුම් කරන්නේ රටක් ඉදිරියට නොව පසුපසට ගමන් කරන බව"යි

ආගමික නායකයින් විසින් පවත්වන බව (HRW) පර්යේෂක සාරා සන්බාර් මේ වසර මුලදී අනතුරු ඇඟවා තිබෙනවා..

menu
menu