ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පස්වන තැන

ලෝක ටෙස්ට් ශූරතා තරග මාලාවේ ලකුණු සටහනේ පස්වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමත් සමඟයි.

2023 - 2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව මේ දක්වා තරග 07කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග තුනක් ජයගෙන තිබෙනවා.

පරාජයට පත්ව ඇති තරග ගණන හතරක්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ මේ වනවිට පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි.

ඕස්ට්‍රේලියාවදෙවන ස්ථානයේත් නවසීලන්තය තුන්වන ස්ථානයේත් රැඳී සිටිනවා.

එහි සිව්වන ස්ථානය හිමිකරගෙන සිටින්නේ බංග්ලාදේශයයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ එංගලන්ත කණ්ඩායමට මේ වනවිට හිමිව ඇත්තේ හයවන ස්ථානයයි.

menu
menu