ත්‍රීරෝද රථයක පිටුපස බිළිදු මල සිරුරක්

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක් අසල ගාල් කර තිබු ත්‍රීරෝද රථයක පිටුපස තිබී බිළිදු මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

අදාළ ස්ථානයේ දැඩි දුර්ගන්ධයක් වහනය වීම හේතුවෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරාගේ මව ඒ පිළිබඳව කළ සොයා බැලිමේදී පොහොර උරයක දමා තිබූ එම බිළිදු මල සිරුර සොයාගෙන

ත්‍රීරෝද රථයේ රියදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු බවත්, ඔහු එම ත්‍රීරෝද රථයෙන් කුලි රථ ගමනක් ගොස් අද උදෑසන ආපසු නිවසට පැමිණ ත්‍රීරෝද රථය ගාල් කර ඇති බවයි මුලික පොලිස් විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ආගරපතන පොලිසිය පැවසුවා.

menu
menu