වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි

යාගී සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පැයට කිලෝමීටර් 200කට අධික වේගයෙන් වියට්නාමයට කඩා වැදී ඇති එම සුළි කුණාටුව හේතුවෙන් පුද්ලගලයින් 240කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

උතුරු වියට්නාමයේ පිහිටි කාර්යබහුල පාලමක් ද එම සුළි කුණාටුව හේතුවෙන් කඩාවැටී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

රථ වාහන ගමන් ගනිමින් තිබියදී එම පාලමේ කොටසක් කඩාවැටීම හේතුවෙන් වාහන කිහිපයක් පාලමට පහළින් ඇති ජල ධාරාවට ඇද වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

යාගී සුළි කුණාටුව වසර 30කට පසු වියට්නාමයට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම එය මෙම වසරේ මේ දක්වා කාලය තුළ ආසියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසද හැඳින්වෙනවා.

එම සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ මිලියන 1යි දශම 5කට පමණ විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

menu
menu