සියලුම වාහනවල ඇති ඡන්ද ස්ටිකර් ඉවත් කරන ලෙසට පොලීසියට නියෝගයක්

මැතිවරණ නීති රීතිවලට අනුකූල නොවන අන්දමින් සියලු රථ වාහනවල අලවා ඇති ස්ටිකර් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි රථ වාහන හදිසි පරීක්ෂාවකට යොමුකර එම කටයුතු සිදු කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාස භාර නිලධාරින් හරහා පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි.

පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර් සහ කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

menu
menu