මාලිමාවේ ආධාරකරුවන් රැගත් බස්රථයකට ප්‍රහාරයක්

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට සහභාගී වී යළි එමින් සිටි පිරිසකට පහර දුන් සිද්ධියට අදාළව සැකකරුවන් 05 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති එම ජන රැළියට සහභාගී වී යළි යමින් සිටි පිරිසකට පහර දී තිබුණේ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් 05 දෙනෙක්.

ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.

menu
menu