කෝටි 05ක කේරළ ගංජා STF භාරයට

රාජාංගනය, යාය 14, ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සොයාගෙන තිබෙනවා.

ඒ, නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය විසින් ලබාදුන් තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 05 කට අධික වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කලාඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.

menu
menu