නව අගමැති සහ පුංචි කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
කැබිනට් මණ්ඩලය පත් කිරීමද බොහෝදුරට අද පස්වරුවේ සිදු කෙරෙණු ඇති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ.
ඊට අමතරව අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම ද ජනාධිපතිවරයා විසින් අද දිනයේ සිදු කරනු ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූර සඳහා ඊයේ දිනයේදී පත් කිරීම් සිදු කරනු ලැබුවා.
මේ අතර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ඔහුගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාට හිමි වනවා.
menu
menu