කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි ම ලෝක වාර්තාව

කමිඳු මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු 51 සමගින් නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පළමු දිනය නිමා වන විට ලකුණු 306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණා.
ඒ ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ඔහු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරඟ 08 තුළදීම ලකුණු 50 සීමාව පසුකරමින් ලකුණු රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.
නවසීලන්ත කණ්ඩායම සමග ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරඟයේදීද නොදැවී ලකුණු 51ක් ලබා ගැනීමත් සමග කමිඳු මෙන්ඩිස් මෙම වාර්තාව තැබීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ දිනයෙන් නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 306ක් රැස් කරගෙන සිටියා.
නොදැවී අනෙක් අන්තයේ පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 78යි. දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ලකුණු 116ක් රැස් කර සිටියදීයි.
දිමුත් කරුණාරත්න ලකුණු 46යි. කෙසේවෙතත් පැතුම් නිස්සංකට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.
menu
menu