ජනපති නියමයෙන් කොළඹ වසා දමා තිබූ පාරවල් දෙකක් ඇරෙයි



මාර්ග බාධක යොදා වසා දමා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ග දෙකක් අද යළි විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලීසියට ලබා දුන් නියෝගයක් මතයි.

ඒ අනුව ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජන පරිහරණය සදහා යළි විවෘත කෙරුණා.

ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්‍ෂික කලාපයක් ලෙස නම්කර එම මාර්ග වසා දමා තිබුණා.

menu
menu