සමගි ජන බලවේගයේ ලොකු පුටුවලට අලුත් මුහුණු

සමගි ජන බලවේගයේ ප්‍රබල තනතුරු කිහිපයක් සඳහා නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත්කර තිබෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් ලෙස පත්කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාවයි.

menu
menu