පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව දැනට පවතින සියයට 8.25 ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ සියයට 9.25 ක් වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යන බවයි.

menu
menu