හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

අභාවප්‍රාප්ත වන විට කුමාර වෙල්ගම මහතා 74 වියේ පසුවුණා.

ඉකුත් අරගල සමයේ පහර දීමකට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තුවාල ලබා දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.

එම පහර දීම හේතුවෙන් පෙණහළු ආබාධවලට ලක්වූ ඔහු ඉන් අනතුරුවද අවස්ථා ගණනාවකදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබෙනවා.

මීට මාසයක පමණ කාලයක සිටද අභාවප්‍රාප්ත වන තෙක් ඒ මහතා ප්‍රතිකාර ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලකයි.

ඉකුත් සතියක පමණ කාලයක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

menu
menu