මිනිස්සු වෙනුවෙන්  මෙට්ටයක්  දාලා තම රථය ගිලන් රථයක් කළ හාමුදුරුවෝ

කතරගම වතුරුවාව රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවගම ධම්මරතන හිමියන් විසින් ස්වෙච්ඡාවෙන් සිදුකරන කටයුත්තක් ගැන අපිට වාර්තා වුනා.උන් වහන්සේ තමන්ගේ පුද්ගලික වෑන් රථය යොදා ගනිමින් කතරගම සිට තිස්සමහාරාමය දක්වා ප්‍රදේශවල ජීවත් වන, රෝගාතුරව අසාධ්‍ය තත්වයේ සිටින පුද්ගලයින් ඔවුන්ගේ ඉල්ලීම් පරිදි රෝහල් වලට රැගෙනයාම සිදුකරනු ලබනවා. උන්වහන්සේ පැවසුවේ මෙම සේවාව 2019 වසරේ ආරම්භ කල බවයි . පළමුව මෙම සේවාව ආරම්භ කරන විට මෙට්ටයක් පමණක් වෑන් රතයට දමාගෙන මෙම සේවාව ආරම්භ කල බවත් ,මේ වන විට අසාධ්‍ය රෝගියකු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද යටතේ ප්‍රවාහන කිරීමට අවශ්‍ය සියලු උපකරණ එම රතය සතු බවයි. පාරමී සුව සරණ නමින් ආරම්භ කල මෙම සේවාවට
ජනතාව සිදු කල ධන පරිත්‍යාග තුලින් ලබා ගත් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමක් සහිත වෛද්‍ය උපකරණ දැනට මෙම රථය සතුවන බවයි උන්වහන්සේ පැවසුවේ .
දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සංජි කල්දේරා මහතා මෙම සේවාව වෙනුවෙන් වැඩි මූල්‍යමය ආධාර සපයන බවයි උන්වහන්සේ පැවසුවේ .
රෝගීන් රෝහල් ගතකිරීමෙන් පසු ඔවුන් නැවත ඔවුන්ගේ නිවාස වෙත රැගෙන ඒම මෙන්ම පසුව ඔවුන්ව සායන වෙත රැගෙන යාමද මෙම සේවාව මගින් සිදුකරනු ලබනවා.
මෙම සේවාව පවත්වාගෙන යාම සදහා ස්වේච්ඡාවෙන්ම රියදුරන් කිහිප දෙදෙනෙකු දායකත්වය සපයන බවත් ඔවුන් අවශ්‍ය සෑමවිටම ඔවුන්ගේ දායකත්වය සපයන බවයි උන්වහන්සේ පැවසුවේ . කෙසේ වෙතත් දිනකට රුපියල් තිස්දහසක පමණ තෙල් වියදමක් මේ වෙනුවෙන් වැයවන බවයි උන්වහන්සේ පැවසුවේ .මේ උතුම් කාර්ය වෙනුවෙන් ඔබටත් දායකත්වය සැපයීමට හැකියාව පවතිනවා . ඔබටත් මෙම අංකයට ඇමතීමෙන් ඒ වෙනුවෙන් දායක විය හැකියි.
0763898632
menu
menu