හිටපු මන්ත්‍රී වෙල්ගමගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා.
ඒ, මතුගම, පාන්තිය ආදාහනාගාරයේදීයි.
මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය මේ වනවිට මතුගම, හොරවල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති බවයි
පස්වරු 02.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 04.00ට මතුගම පිහිටි පාන්තිය ආදාහනාගාරය වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේහය රැගෙන යාමට නියමිතයි.
ඉන්පසු පස්වරු 06.00ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියා.
එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු රැසක් ද ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මතුගම, හොරවල නිවසට පැමිණි බවයි
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වුණා.
අභාවප්‍රාප්ත වන විට කුමාර වෙල්ගම මහතා 74 වියේ පසුවුණා.
ඉකුත් අරගල සමයේ පහර කෑමකට ලක් වූ අමාත්‍ය කුමාර වෙල්ගම මහතා තුවාල ලබා දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.
එම පහර දීම හේතුවෙන් අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු අවස්ථා ගණනාවකදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබෙනවා.
මීට මාසයක පමණ කාලයක සිට අභාවප්‍රාප්ත වන තෙක් ඒ මහතා ප්‍රතිකාර ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලකයි.
1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත සංවිධායකවරයා ලෙස පත්වන ඒ මහතා 1994 වසරේ පළමුව පාර්ලිමේන්තුවට පිවිසෙනවා.