ඉන්දීය විදේශ ඇමති ජයශංකර් දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන මෙරටට පැමිණියා.

ඔහු සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළදිවයිනට පැමිණි ඉන්දීය දූත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමගද ඉන්දීය දූත පිරිස සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සිය එක් දින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ යළි නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

menu
menu