ශෂී වීරවංශට එරෙහිව ගොනුකළ නඩුව
නීතියට පටහැනි ලෙස රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා සිටින ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන ජනවාරි මස 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එය පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කර තිබුණා.
මෙම නඩුවට සමාන නඩුවක් වෙනත් අධිකරණයකද ගොනුකර තිබූ බැවින් එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරිය නොහැකි බවත් එම මූලික විරෝධතාව තුළින් පෙන්වා දී තිබුණා.
එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේ මෙම නඩුව වෙනත් කරුණක් පදනම් කරගෙන ගොනුකර ඇති නිසා එය විභාග කිරීමට අධිකරණයට බලය තිබෙන බවයි.
ඒ අනුව අද දින තීරණය ප්‍රකාශයට පත් කළ අධිකරණය විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.
ඒ අනුව මෙම නඩුව ජනවාරි මස 28 වනදා විභාගයට ගැනීමට නියෝග කළ අධිකරණය එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළා.
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.