සෑම ගැහැණු ළමයින් අට දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරයට
අද ජීවතුන් අතර සිටින මිලියන 370 කට අධික ගැහැණු ළමයින් සහ කාන්තාවන්, නැතහොත් ලොව පුරා සිටින සෑම අට දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 18 ට පෙර ස්ත්‍රී දූෂණ හෝ ලිංගික අතවරවලට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ප්‍රකාශ කරනවා.
අන්තරජාලය හරහා හෝ වාචික අපයෝජනය වැනි ලිංගික හිංසනයේ "ස්පර්ශ නොවන" ආකාර සැලකිල්ලට ගන්නා විට එම සංඛ්‍යාව මිලියන 650 ක් හෝ පහෙන් එකක් දක්වා ඉහළ යන බවයි යුනිසෙෆ් වාර්තාව පවසන්නේ