ගංගා පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි - පුද්ගලයින් 22,000ක් පීඩාවේ



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 5,348ක පුද්ගලයින් 22,064 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පවුල් 24ක පුද්ගලයින් සුරක්‍ෂිත මධ්‍යස්ථාන 04ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

ජලගැලීම්, අධික සුළං, අකුණු, කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස 120කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර පානදුර, අඟුරුවාතොට මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හල්තොට බෝධිය අසළ ජලය පිරී තිබූ කුඹුරකට වැටී මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

කඩුවෙල, වැලිහිඳ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇළකට වැටී අතුරුදන්ව තිබෙනවා.

එමෙන්ම මීගොඩ ප්‍රදේශයේදී ජල පහරකට හසුවූ පුද්ගලයන් තිදෙනෙකු මුදා ගත් බවයි හංවැල්ල පොලීසිය පැවසුවේ.

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වන විටත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඉංජිනේරු සුගීෂ්වර මහතා පැවසුවා.

menu
menu