ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම කණ්ඩායම ඉන්නේ අපි ලඟ නියොමාල් පෙරේරා 

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමඟි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක නියෝමාල් පෙරේරා සහ තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු කැලණිය තොරණ හන්දිය ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්තුවා.
එහිදී නියෝමාල් පෙරේරා සඳහන් කර සිටියේ ජනතාවගේ ගැටලු විසඳිය හැකි එකම කණ්ඩායමේ සිටින්නේ සමගි ජන බලවේගය තුළ බවයි .එමෙන්ම මහ මැතිවරණය තුළදී මන්ත්‍රී ධූර 113 කට වැඩි ප්‍රමාණයක් සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා එහිදී ඔහු ජනතාව වෙත දැනුම් දුන්නේ ගමේ ප්‍රශ්න හඳුනන ගම සමග සිටින අපේක්ෂකයන් තෝරා බේරාගෙන තමන්ගේ ඡන්දය ලබා දෙන ලෙසයි..
menu
menu