දුරකථනයෙන් මුදල් ගරන ජාවාරමක් ගැන අනාවරණයක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝව වෙත දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගන්නා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ කිසියම් පිරිසක් විසින් ඩිපෝ 09 කට පමණ දුරකථන ඇමතුම් ලබාදී එලෙස මුදල් වංචා කර ඇති බවයි.

ඒ, එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවට ලක්වී සිටින බවට වංචාකරුවන් දුරකථනය හරහා දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අදාළ නිලධාරින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් පැමිණි වාහනය අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අවශ්‍ය බවත් එම මුදල ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ එවන ලෙසත් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් දැනුම්දී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇතැම් ඩිපෝ මඟින් එලෙස මුදල් ලබාදී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

ඇතැම් විට මෙම දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

menu
menu