පොලිස් කණ්ඩායම් විසින් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්. 



අයිතිකරුවෙකු නොමැති සුඛෝපභෝගී ජීප් රථයක් හේතුවෙන් කැලණිය ගෝනවල ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ මාර්ගයක අදාළ සුඛෝපභෝගී රථය අතහැරදමා ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත බැවින් ප්‍රදේශවාසීන් ඒ පිළිබදව කැලණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිස් කණ්ඩායම් විසින් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්.

රැම්බෝ වර්ගයට අයත් පිහියක්, කඩු කිහිපයක්, යකඩ පොල්ලක් සහ මදන මෝදක ගුලි කිහිපයක් සොයාගෙන ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

රථයේ අයිතිකරු සොයා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම රථය ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ප්‍රදීප් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකුට අයත් බවයි.

කැලණිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ අද අලුයම රථය මෙසේ දමා ගිය බවයි.

තමා බීමත්ව සිටි බවත් රථයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් සිය රථය මාර්ගයේ නවතා දැමීමට තමා තීරණය කළ බවද ඔහු වැඩි දුරටත් සදහන් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

menu
menu