රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතු වූ වාහන දෙක

සුගිය රජය සමයේ වරාය හා නාවික ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් දැරූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා කෙනෙකු බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන සේල් හිමියෙකුගේ පුත්‍රයෙකුට අයත් අනිවත්තේ පිහිටි නිවාස පරිශ්‍රයක සඟවා තිබූ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (20) පස්වරුවේ පොලීසිය භාරයට ගෙන තිබේ.

රුපියල් කෝටි හයකට වැඩි වටිනාකමින් යුත් මෙම වාහන දෙක ලියාපදිංචි කර නොමැති බවත් වාහන වලට අදාළ වෙනත් කිිසිදු ලියවිල්ලක් හෝ පොලීසියට ඉදිරිපත් කිරීමට ඒවා සන්තකයේ තබාගත් පුද්ගලයා අපොහොසත් වූ බවත් පොලීසිය පවසයි.

තීරුබදු නොගෙවා වරායෙන් රහසිගතව මෙම වාහන පිටකර තිබෙන බවට පොලීසිය සැක කරයි. මෙම වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරු හිටපු ආමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නියෝජනය කර තිබෙන බවට ලද තොරතුරක් ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

menu
menu