දමිතා අබේරත්න ගත් තීරණය මෙන්න

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්වී තිබෙනවා.

ඒ, සමගි ජනබලවේගය සමඟ ඇති වූ බව කියන සිත් අමනාපකමක් හේතුවෙන්.

මෙවර මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ඇයට නාමයෝජනා ලැබි තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් අවසන් මොහොතේ සිය නම කපා හැර තිබූ බවයි, දමිතා අබේරත්න මහත්මිය චෝදනා කළේ.

ඒ හේතුවෙන් එම පක්ෂයේ සියලු තනතුරුවලින් ද ඇය ඉවත්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

menu
menu