ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි
ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
ඒ, එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙසත් නියෝග කළා.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.
අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.