සූකර උණ රෝගය පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමමාලි අබේරත්න මහත්මිය විසින්.
ඌරන් මෙම රෝග අවදානම් සතුන් ලෙසත් එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය ,ඌරු මස් ආශ්රිත නිෂ්පාදන ,රෝග කාරක ද්‍රව්‍ය ආසාධිත ප්‍රදේශවල හෝ පිටතට ප්‍රවාහනය හා ඉවත් කිරීම , අවදානම් ඌරන් කෘත්‍රිම අභිජනනය කිරීම ,සජීවි සත්ව වෙළඳාම ,තරග පැවැත්වීම,ඌරන් ,ඌරු මස් නිෂ්පාදන ,රෝග කාරක ද්‍රව්‍ය විකිණීම හා ගබඩා කිරීම මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට හෝ වෙනත් තැනකට ප්‍රවාහනය වන පරිදි දැමීම තහනම් කර තිබේ.
තවද එම ගැසට් නිවේදනය මගින් තහනම් ක්‍රියා වැළැක්වීම සඳහා අදාල සෞඛ්‍ය නිලධාරීන්ට පවරා තිබෙනවා