රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩීමක් ලබන ජනවාරී සිට
රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ සිට වැටුප් වැඩිවීමක් සිදු කරන අතර රාජ්‍ය සේවකයන්ට හිඟ රුපියල් 5000 ලබන වසරේ ජනවාරි සිට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටිනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
වැටුප් වැඩිකරන්නේ කොතරම් ප්‍රමාණයකින්ද යන්න තීරණය කරන්නේ මුදල් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා .
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය ආණ්ඩුවෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් සිදු කර නොමැති බවයි.