පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් ඇති බව පැවසෙන ස්ථානයක අධිකරණය නියෝග මත කැනීම් කටයුතු අද ආරම්භ කෙරුණා.
වේයන්ගොඩ වදුරඹ රජ මහා විහාරස්ථානයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් හෑරූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නව දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
එම සිද්ධියට අදාළවයි මෙම ස්ථානයේ කැනීම් කරණ ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ විශේෂ කාර්ය බලකාය මගින් පෙන්වා දෙන ස්ථානයක කැනීම් සිදුකරන ලෙසයි නියෝග කර තිබුණේ.