අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක්.
අස්වැසුම ප්රතිලාභය අපේක්ෂාවෙන් දෙවන අදියරට අයදුම්පත් යොමු කළ පිරිසේ නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු එකතු කිරීමේ සංගණනය දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
එහි සභාපති සහ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පැවසුවේ දෙවන අදියරට අයදුම්පත් හාරලක්ෂ 55,000 ක ප්රමාණයක් ලැබී ඇති බවයි.
මේ අතර අස්වැසුම ප්රතිලාභී යෝජනා ක්රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් සඳහා අයදුම් කිරීමට තවදුරටත් සහන කාලයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව ලබන 25 වනදා සිට දෙසැම්බර් 02 වනදා දක්වා මෙතක් අයදුම්පත් ඉදිරිපත් නොකළ පවුල් සහ තැනැත්තන් සඳහා අවස්ථාව පවතිනවා.
අදාළ නියමිත අයදුම්පත්රය නිසි පරිදි සම්පූර්ණ කර තමා අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු වනවා.
ඊට අදාළ අයදුම්පත්රය තමා අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට හෝ www.wbb.gov.lk සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස බාගත කර ගැනීම කළ හැකියි.
අස්වැසුම සුබසාධක ප්රතිලාභී යොජනා ක්රමයේ පළමු අදියරේදී අස්වැසුම ප්රතිලාභය අපේක්ෂාවෙන් අයදුම්පත්ර තිස් හත් ලක්ෂයක් එම මණ්ඩලය වෙත ලැබී තිබෙනවා.
ඉන් සුදුසුකම් ලැබූ ප්රතිලාභීන් දාහත් ලක්ෂයකට පමණ මේ වන විට ප්රතිලාභ දීමනා ගෙවීම් කරන බවයි සුබසාධක ප්රතිලාභ මණඩලය පැවසුවේ.
පළමු අදියර සඳහා අයදුම් කළ තැනැත්තන් හට යම් ගැටලුවක් පවතින්නේ නම් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.