කැනඩාවට ගිය පියාට පුතා පිහියෙන් ඇණ ඝාතනය කරලා
කැනඩාවේ ජීවත් වූ යාපනයේ පුද්ගලයෙකුට ඔහුගේ පුතා විසින් පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය ඔහුව 24 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා .
යාපනයේ කරවෙඩ්ඩි ප්රදේශයේ සිට මීට වසර 25 කට පෙර කැනඩාවට ගොස් ඇති 66 හැවිරිදි කුලතුංගම් මදීසුදී නමති අය කැනඩාවේ ටොරෙන්ටෝ නුවර ස්කැප්බරෝ ප්රදේශයේ ජීවත් වී තිබෙනවා
ඔහුගේ පුතා 32 වෙනි වියේ පසුවන අතර ඔහු විවාහ වී වෙනම නිවසක ජීවත් වෙයි.
පියා ජීවත් වූ නිවසේ කිසිවකු නොමැති බව අසල්වාසීන් පොලීසියට කළ දැණුම්දීමක් මත පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළ විට පියා නිදි යහනේම මියගොස් සිට ඇත.
මෘත ශරීරය රෝහල් ගත කළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මියගිය අයගේ පුතා අත් අඩංගුවට ගෙන තිබේ.