මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ, රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
මේ දින වල ආදාල මන්ත්‍රීවරයා පුවත් මවන චරිතයක් බවට පත්ව සිටිනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබු පුටුවේ වාඩිවිම හේතුවෙන්