ජනපතිගෙන් ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට උපදෙස්

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදීයි.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබාගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.

menu
menu