අම්පාරේ ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පති සහ ගුරුවරයෙකු රිමාන්ඩ්



අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මිය ගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු ලබන මස 02වනදා දක්වා රක්ක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ ට්‍රැක්කර් රථයේ සහයකයින් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසයි සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම සිද්ධියෙන් මිය ගිය සිසුන් 05 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදන්ව සිටින අනෙක් සිසුවා සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

menu
menu