රජයේ තීරණවලට එකඟ නොවන සහල් මෝල් හිමියන්ට ආණ්ඩුව අනතුරු අඟවයි
රජය ගනු ලැබූ තීරණවලට එකඟ නොවී සහල් වෙළඳපොළේ මාෆියාවක් නිර්මාණය කරන මෝල් හිමියන්ට රාජ්‍ය බැංකුවලින් ණය දීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඉදිරි වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට අද එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.