නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ වගකීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලයෙන් ඵලක් නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

“2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම” වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

menu
menu