සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදන
දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සහල් ව්‍යාපාරිකයන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වුණා.
එහිදී සහල් සඳහා වන උපරිම මිල සංශෝධනය කිරීමට එකඟතාවකට පැමිණ තිබුණා.
ඒ අනුව එම මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති කේ එච් ඩී කේ සමරකෝන් මහතා විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සුදු සහ රතු කැකුළු සහල් සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 220 ක් ලෙසත් එම ගැසට් නිවේදනයේ සඳහන්.
සුදු/රතු නාඩු සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 225 ක් සහ එහි සිල්ලර මිල රුපියල් 230 ක් වන බවයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ.
සම්බා සහල් කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල වන්නේ රුපියල් 235 ක්. එහි උපරිම සිල්ලර මිල රුපියල් 240 ක් වනවා.
කීරි සම්බා සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 255 ක් වන බවත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 260 ක් වන බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.
මෙම මිල ගණන් ඊයේ දිනයේ සිට බල පැවැත්වෙන බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා